ලංකාවම සංවේදී කරමින්, මඩ වගුරක ඔබා ඝාතනය කළ අටලුගම දැරියගේ ඝාතකයාට ලැබුණ අධිකරණ නියෝගය.. (VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Death Latest Headlines Decision Making
By krishani Feb 14, 2024 02:36 PM GMT
Report

වයස 09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කෙරුණේ ය.

ලංකාවම සංවේදී කරමින්, මඩ වගුරක ඔබා ඝාතනය කළ අටලුගම දැරියගේ ඝාතකයාට ලැබුණ අධිකරණ නියෝගය.. (VIDEO) | The Person Who Killed The Atalugama Girl

ඒ ඊයේ (13) පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසිනි ය.

මෙම ඝාතනය මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේ දී සිදුකර ඇත.

එකී සිර දඬුවම් නියම කෙරුණේ සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියව මව සන්තකයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාවලටයි.

මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30 වන්දියක් ගෙවන ලෙසත් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් නම් විත්තිකරුවට නියෝග කෙරුණේ ය.

එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හයාමාරක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.

2022.05.27 වන දා නිවස ආසන්නයේ වෙළෙඳසැලකට ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටිය දී දූෂණය කිරීමේ අරමුණින් දැරියව රවටා අවට පිහිටි ලඳු කැළෑවකට රැගෙන ගොස් තිබෙනවා.

ලංකාවම සංවේදී කරමින්, මඩ වගුරක ඔබා ඝාතනය කළ අටලුගම දැරියගේ ඝාතකයාට ලැබුණ අධිකරණ නියෝගය.. (VIDEO) | The Person Who Killed The Atalugama Girl

පසුව විත්තිකරු දැරියව දූෂණය කිරීමට උත්සාහ දරා ඇතත් දැරියගේ කෑගැසීම නිසා බියට පත්ව ඇත.

ඉන් පසුව විත්තිකරු දැරියව මඩ වගුරක ඔබා ඝාතනය කර ඇති බවත් දැරිය දූෂණයට ලක්වී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, විත්තිකරු දැරියගේ පියාගේ මිතුරෙකු බවත් නිතර දැරියගේ නිවසට පැමිණෙන අයෙක් බැවින් දැරිය කිසිදු බියකින් තොරව විත්තිකරු සමග ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වීඩියෝ දර්ශන පහතින්,