පොලිසියෙන් බේරෙන්න ජලාශයට පැන්න පුද්ගලයාට සිදු වූ දේ.
අද (19)පානදුර මෝදර ධීවර වරාය ආසන්නයට ගොඩගසා තිබිය දී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ගැනුණා.
එලෙස මියගොස් ඇත්තේ, පානදුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටි සුදේශ් කුමාර නමැති 37 හැවිරිදි අයෙක් බවයි පානදුර දකුණ පොලිසිය කියා සිටියේ.
පොලිසිය කියා සිටියේ, අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා බොල්ගොඩ ජලාශයට පැන ඇති බවට සැක කෙරෙන පුද්ගලයකුගේ මළසිරුරක් බවයි.
පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම පුද්ගලයා පදිංචි පුදේශයේ ඊයේ (18) දින අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා බොල්ගොඩ ජලාශයට පැන ඇත් ද යන්න සම්බන්ධයෙන් පවතින සැකයක් මත පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය පානදුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.