හිස් වූ පාප් ධුරයට නව තෝරාගැනීමක්

Pope Francis Vatican World Sinhala news
By Kaushi May 03, 2025 11:01 AM GMT
Report

මෙම මස 07 වන දින මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බව වතිකානය දැනුම් දෙයි.

ඒ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් හිස්වූ පාප් ධුරය සඳහායි.

ඒ අනුව පාප්වරණයකදී සුවිශේෂී භූමිකාවක් උසුලන වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුව සවි කිරීම පසුගිය දින සිදු විය.

මෙවරද වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරෙහි පාප්වරණය පැවැත් වෙන්නේ දීර්ඝ කාලයක් පුරා පැවති සම්ප්‍රදාය අනුව යමින්. 

නව පාප් වහන්සේ තෝරාගැනීම ඡන්ද විමසීමකින් සිදු කරයි. ඒ එම අවස්ථාවට රැස්වන කාදිනල්වරුන්ගේ සහභාගීත්වයෙනි.

මෙහිදී ඔවුන්ගේ ඡන්දය කුඩා කඩදාසි කැබල්ලක සටහන් කරයි. ඉන් පසු නව පාප් වහන්සේ පත් කර ගත්තාද? නැද්ද? යන්න සන්නිවේදනය කිරීමට ඔවුන්ගේ ඡන්දය සටහන් කළ කඩදාසි ගිනි තැබීමක් සිදු වේ.

මෙම අවස්ථාවේදී විශේෂ ස්ථානයක් හිමි වන්නේ සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුවටයි.

ඡන්දය සටහන් කළ කඩදාසි ගිනි තැබීමෙන් පසු දුම් කවුළුවෙන් දුමාරයක් ගලා යයි. 

එන දුමාරය කළු පැහැයක් ගතහොත් ඉන් අදහස් ක‍රන්නේ නව පාප් වහන්සේ පත් කර ගැනීමට ප්‍රමාණවත් ඡන්ද එක් අපේක්ෂකයෙක් දිනාගෙන නොමැති බවයි.

කවුළුවෙන් එන දුමාරය සුදු පැහැයක් ගත් විට එහි අර්ථය නව පාප් වහන්සේ කෙනෙක් තෝරා ගත් බවයි.

මෙය සුබ පණිවිඩයක් ලෙස කතෝලිකයින් සිතයි. මේ බව දැන ගැනීමට එදිනට කතෝලිකයින් වතිකානයට රැස් වෙයි.