කොළඹ වරාය නෞකා වලින් පිරී යයි.
Port of Colombo
Nimal Siripala De Silva
By Wayomi
කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ, රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන්.
ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් ඉහළ ගොස් ඇති බවත්, වරායේ බහාලුම් මෙහෙයුම් ද සියයට 72කින් පමණ ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.
ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
නමුත් රතුමුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායේ ආදායම ඉහළ යාම පිළිබඳ සතුටට පත්විය නොහැකි බවයි විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය නම් සඳහන් කළේ.