වර්ෂාවෙන් පීඩා විදින පුද්ගලයින් ගණන ඉහලට - අපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ ප්‍රකාශයක්.

Landslide In Sri Lanka Weather Floods In Sri Lanka
By Gagana Nov 22, 2023 10:37 AM GMT
Report

මේ දිනවල දිවයිනට පැවති අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 9 කට අයත් පුද්ගලයින් 2930 ක් දැඩි පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අද දින ද දිවයිනේ ප්‍රදේශ රැසක අපධා වාර්තා විය . ඒ අතර බළංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර පේරාදෙනිය නගරයේ සිදු වූ නාය යෑමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් වෙළද සැල් 4කට හානි සිදු වී තිබෙනවා.

ධාරානිපාත වර්ෂාව මෙහෙමත් අකාරුණික වෙලා ඇයි?. පුද්ගලයෙක්ට ගෙනා සංවේදී ඉරණම හද සසල කරයි.. වෙළෙඳසැල් 04ක කුත් සුණු වෙලා..

ධාරානිපාත වර්ෂාව මෙහෙමත් අකාරුණික වෙලා ඇයි?. පුද්ගලයෙක්ට ගෙනා සංවේදී ඉරණම හද සසල කරයි.. වෙළෙඳසැල් 04ක කුත් සුණු වෙලා..


මීට අමතරව ඔහිය සහ ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පසක් පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා සිදු වී ඇත.

අද දින පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ බදුල්ල ප්‍රදේශයටයි එය මිලිමීටර් 60.8 ලෙසයි.

එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ඇති වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6 ද අනුරාධපුර අංගමුව වැවේ වාන් දොරටු දෙකක් ද වව්නියාව පාවක්කුලම වැවේ වාන් දොරටු 3 ක් ද විවෘත කර තිබෙනවා.

කාලගුණයත් වෙනස් වෙයි?. අද වැස්ස එන්නෙ මෙන්න මේ වෙලාවට.. ප්‍රදේශ රැසකට ජනතාවට දැනුම්දීමක්.

කාලගුණයත් වෙනස් වෙයි?. අද වැස්ස එන්නෙ මෙන්න මේ වෙලාවට.. ප්‍රදේශ රැසකට ජනතාවට දැනුම්දීමක්.