පොදු ප්‍රවාහන සේවා සඳහා එන අලුත්ම ටිකට් එක.

Bandula Gunawardane Sri Lanka Sri Lanka Cabinet
By Wayomi Aug 08, 2023 11:55 AM GMT
Report

පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසූයේ, 

ජාතික බස් සංගම් හතක් ද මේ වන විට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බවත් පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.