උසස් පෙළ හැදෑරීමට පැමිණි නවක සිසුවාට තවත් සිසුන් පිරිසක් කළ අපරාධය.(VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lankan Schools
By Wayomi Jan 24, 2023 08:32 AM GMT
Report

කළුතර විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීමට පැමිණි නවක සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා තිබෙනවා .

මේ එම සිසුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් අතර පහරකෑමට ලක්වු සිසුවාගේ මව්පියන් පවසන්නේ රුපියල් 20ක් ඉල්ලා මෙම පහරදීම සිදු කර ඇති බවයි.

නිම්න රන්මාල් ජයරත්න සිසුවා පසුගිය 16 වැනිදා කළුතර විද්‍යාලයට ඇතුළත් වන්නේ උසස් පෙළ හැදැරීම සඳහායි.

පළමු දිනයේදී පාසලට පැමිණි නිම්නගෙන් පංතියේ සෙසු සිසුන් විසින් රුපියල් 20 ක මුදලක් ඉල්ලා ඇති අතර එම මුදල ලබාදීමට නොහැකි බව පැවසීමත් සමඟ මුදල් ඉල්ලූ සිසුන් විසින් අදාළ සිසුවාට පහරදී තිබෙනවා.

මෙම පහරදීමේදී නිම්නගේ ඇස අවට ඉදිමී ඇති අතර නාසයෙන් රුධිරය ද වහනය වීම හේතුවෙන් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මව්පියන් පවසන්නේ, පහරදීම සම්බන්ධයෙන් තමන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පැමිණිලි කළ අතර පසුව පහරදුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබා නිවසට පැමිණි නිම්නගේ නාසයෙන් තවදුරටත් රුධිරය වහනය වීම හේතුවෙන් තම දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව නිම්න රන්මාල් ශල්‍යකර්මයකට භාජනය කර මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර සිද්ධියට සම්බන්ධ සිසුන් තිදෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් පහරකෑමට ලක් වූ සිසුවාගේ දෙමව්පියන්ට අදාළ පාසලේ ගුරුවරුන්ගේ තර්ජනද එල්ල වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW