සිංහ පවුලේ නම් සංශෝධනය කෙරේ...
                                    
                    West Bengal
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    උතුරු බෙංගාල සත්වෝද්‍යානයේ සිංහයකුට සහ සිංහ ධේනුවකට යෙදූ නම් සංශෝධනය කරන ලෙස, කොල්කටා මහාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම සිංහ ධේනුවගේ නම සීතා වන අතර සිංහයාගේ නම අක්බාර් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ නම් ආගමික හැඟීම්වලට හානි කරන බවට සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවට සඳහන්.
 
කෙසේ වෙතත් අධිකරණය නියෝග කර ඇත්තේ මීට පසු හින්දු දෙවිවරුන්, ආගමික චරිත, නොබෙල් ත්‍යාගලාභීන් සහ නිදහස් සටන්කාමීන්ගේ නම්වලින් සතුන් නම් කිරීම සිදු නොකරන ලෙසයි.