ලොවම පුදුම කරමින් අතුරුදන්ව සිටි කුඩා දරුවෙකු වසර 6කට පසු සිදු කළ දේ..

Missing Persons France
By Sewvandhi Dec 17, 2023 03:21 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය, 2017 වර්ෂයේදී ප්‍රංශයේදී අතුරුදන්ව සිටි කුඩා දරුවෙකු වසර 6කට පසුව යළි හමුවූ සුවිශේෂී පුවතක් වාර්තා කර තිබේ. මෙලෙස අතුරුදන්ව සිට යළි හමුවී ඇත්තේ එවකට 11 හැවිරිදි වියේ පසුවූ Alex Batty නමැති බ්‍රිතාන්‍ය ජාතික කුඩා දරුවෙකි.

ඔහු සම්බන්ධයෙන් අදහස් දැක්වූ විමර්ශකයින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ,Alex Batty මේ වනවිට 17 හැවිරිදි වියේ පසුවන අතර මෙම දරුවා සිය මව සමග නිවාඩුවක් සඳහා ස්පාඤ්ඤයේ සංචාරයක නිරතවෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණදී ඇති බවයි.

පසුගිය දිනක ප්‍රංශයේ Toulouse හි ප්‍රදේශයේ ඔහු තනිව ගමන්කරමින් සිටියදී හමුවූ මෝටර් රථ රියදුරෙකු මාර්ගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මිත්තණියව දැනුවත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලොවම පුදුම කරමින් අතුරුදන්ව සිටි කුඩා දරුවෙකු වසර 6කට පසු සිදු කළ දේ.. | The Missing Boy Returns Home After 6 Years

මෙම දරුවා කිසියම් ආගමික කණ්ඩායමක් සමග පසුගිය වසර 06 පුරා විවිධ ස්ථානවල සංචාරය කරමින් කාලය ගතකර ඇති බවට සැකපළ කරන බවයි, සිද්ධිය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ විමර්ශකයින් සඳහන් කරන්නේ.

ඇලෙක්ස්ගේ මව තවමත් සොයා ගෙන නොමැති නමුත් අනාවරණය වූ කරුණු අනුව ඇය ෆින්ලන්තයේ සිටිය හැකි බවට සැක පළ කරයි. මේ වන විට ඇලෙක්ස් බ්‍රිතාන්යට ගොස් ඇති අතර ඔහුව ඔහුගේ මිත්තනියට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.