ඇමති රොෂාන්ගේ ඉවත්වීමත් සමඟ ICC තහනම ගැන එළියට ආ අලුත්ම කතාව.
ආන්දෝලනයකට තුඩු දී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විශේෂ කරුණක් අනාවරණය කර තිබෙනවා.
ඒ, අනුව එම වෙබ් අඩවිය පවසන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ව තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් දේශපාලන බලපෑම් සිදුනොකරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලා ඇති බවද එහි දැක්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ඒ පිළිබඳ සහතිකයක් ලබාදී නොමැති බවත් ක්‍රික්ඉන්ෆෝ පවසනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉවත්කිරීම සඳහා ජවයෙන් කටයුතු කළ රොෂාන් රණසිංහ එම තනතුරෙන් ඉවත්කිරීම, රජය ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් මැදිහත් නොවීමේ සලකුණක් වනු ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වැඩි දුරටත් අවධාරණය කර ඇත.