වාහන ආනයනය ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න. - (VIDEO)

Manusha Nanayakkara Government Of Sri Lanka vehicle imports sri lanka
By Wayomi Dec 07, 2023 07:34 AM GMT
Report

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,මෙම ක්‍රමවේදය හරහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවයි.

වාහන ආනයනය ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න. - (VIDEO) | The Latest Decision About The Import Of Vehicles

නමුත් මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවත්,මහාභාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ඊට හේතු වී ඇති බවත් අමාත්‍යවරයා පවසන්නේ.