ලෝක කුසලානයේ නායකයා නම් කරයි? දසුන් ගැන ගත් අලුත්ම තීරණය මෙන්න. (PHOTO)

Sri Lanka Cricket Sri Lanka Dasun Shanaka ICC World Cup 2023
By Wayomi Sep 20, 2023 11:04 AM GMT
Report

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට නිල වශයෙන් වාර්තා වන්නේ, දසුන් ශානකව නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

ඒ අනුව එළැබෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැරණි නායකත්වය යටතේම ක්‍රීඩා කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

එහිදී එම එක් දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තව දුරටත් දසුන් ශනකට ලබා දෙන්න ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දසුන් ශනකව ඉවත් කරන බවට සඳහන් වූ පුවතත් සමඟ සමාජ මාධ්‍ය තුළ ඊට දැඩි විරෝධයක් ද එල්ල වී තිබුණා.

කෙසේ වෙත්ත දසුන්ගේ නායකත්වය වෙනුවෙන් ලසිත් මාලිංග ද තම මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටියේ,

ඉතා අපහසු අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය භාරගෙන කණ්ඩායමට ස්ථාවරත්වය ළඟා කරදීමට සමත් වූ බවත්, ඔහුගේ නිවුණු ස්වභාවය කණ්ඩායමට අත්‍යාවශ්‍යම කරුණක් බවත්, තමන් දසුන් ශානක ගේ පැත්තෙන් සිට ගන්නා බවත්ය.  


Gallery