අද වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය..
අද (08) පස්වරුවේ මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය දැකීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස සෙසු රටවල් වලට එය දිස් වුව ද ලංකාවට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ය.
ඒ මහතාගේ ප්‍රකාශය,
"අපට එහි අග භාගය දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන්.චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පස්වරු 1.32කට.එහි ග්‍රහණ මධ්‍ය 4.29ට. ග්‍රහණ අවසානය 5.27ට. නමුත් ග්‍රහණ ආරම්භයත් අපට දිස්වන්නේ නෑ. මොකද ක්ෂිතිජයට පහළින් චන්ද්‍රයා පිහිටන නිසා. චන්ද්‍ර උදාව ලංකාවට දිස්වන්නේ මේ දිනයේ දී 5.48ට උතුරුට බරව නැගෙනහිර දිසාවෙන්. ග්‍රහණයත් සමගමයි චන්ද්‍රයා උදාවෙන්නේ. 5.48 සිට 6.19 වෙනකන්. විනාඩි 31ක වගේ කාලයක්. අර්ධ චන්ද්‍රග්‍රහණය අපට නැගෙනහිර ක්ෂිතිජය දෙස බැලුවොත් අපට දැකගත හැකි වෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |