මුළු රටම බලාසිටි බෙලිඅත්තේ මිනීමරුවන් හදුනාගැනේ..
                                    
                    CID - Sri Lanka Police
                
                                                
                    Police spokesman
                
                                                
                    Hambantota
                
                                                
                    Murder
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ලගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මේ අනුව, විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක සහය ගැනීමට තීරණය කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතර කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ඊට ලබා ගන්නා බවයි.
බෙලිඅත්ත අධිවේගි මාර්ග පිවිසුම ආසන්නයේ පෙරේදා උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු 5 දෙනෙකු සාහික ලෙස ඝාතනය කරනු ලැබුවා.
මෙම ඝතනය පළපුරුදු වෙඩික්කරුවන් පිරිසක් විසින් සිදු කළ සැලසුම්සහගත කුමන්ත්‍රණයක් මත සිදු වූවක් බවට පොලිසිය සැක පළ කරයි.

                
                