කිරි අලෙවිසැලේ මුරකරුගේ ඝාතකයා සැඟව සිටියදී සොයා ගැනුණු තැන.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළක අලෙවිසලේ මුරකරු ඝාතනයට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් පවත්වා අදාළ සැකකරු කොළඹ ප්රදේශයේ සැඟව සිටියදී ඊයේ (06) සවස තොටලඟ සේදවත්ත, පාලම අසලදී අත්අඩංගුවට ගැනුණා.
එලෙස අත්අඩංගුවට ගැනුණේ, කපුවත්ත, දඹුල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙක්.
ඔහු පසුගිය ඔක්තෝබර් 25 වනදා රාත්රියේ, ගලේවෙල පොලිස් වසමේ බෙලිගමුව ප්රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළක කිරි අලෙවි සලට ඇතුළු වී තවත් සොරුන් කිහිපදෙනෙක් සමඟ එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරාගෙන තිබෙනවා.
එහිදී සැකකරු ඇතුළු අනෙක් සොරුන් කිහිපදෙනාද එක්ව අලෙවිසලේ රාත්රි සේවයේ නිරතව සිටි මුරකරුව අත්පා සහ කට ගැට ගසා ඝාතනය කර තිබුණා.
එලෙස ඝාතනයට ලක් වුණේ, කේ. ස්වාමිනාදන් නැමති 52 හැවිරිදි තිදරු පියෙක්.