ගසට මුත්‍රා කළ IP ට පොලිසියේ 6ක් නෙළලා.
Sri Lanka Police
By Wayomi
පොලිස් පරීක්ෂකවරයෙකුට තදබල ලෙස පහර දුන්නේ යැයි කියමින් පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිල්ලක් සිදු කර ඇති බව බම්බලපිටිය පොලීසිය පවසනවා.
බම්බලපිටිය පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල ගසකට මුත්‍ර කිරීමට ගිය අදාල පොලිස් පරීක්ෂකවරයාට හය දෙනෙකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක් තමන්ට වට කරගෙන තදබල ලෙස පහර දුන් බවත් ඔවුන් අතර ඉහළ පොලිස් නිලධාරියකු ද සිටි බවත් සඳහන්.
එම ඉහළ නිලධාරියා තමන්ට තදබල ලෙස දෝෂරෝපණය කළ බවත් පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ වන බවයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේ.
මෙම පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ භෝජනාගාරයට කමාලේ මාමා සමඟ පසුගිය 9 වැනිදා රාත්‍රියේ පැමිණ ආහාර ගෙන පිටතට පැමිණ භෝජනාගාරයේ ගසක් යටට ගොස් මුත්‍ර කිරිමට සුදානම් වු බවයි.