ඉදිරි සති 02 කේ භාණ්ඩ වර්ග රැසක මිල පහළ යයි..වාහන හිමියන්ටත් සුබ ආරංචියක්..
රූපලාවන්‍ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉදිරි සති දෙකක කාලය තුළ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ අදාළ ක්ෂේත්රයන්හි රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කිරීමට සිදු කිරීමට නියමිත බවයි.
මේ හේතුවෙන් ඉදිරි සති දෙකේ ආනයන සීමා ඉවත් කරන භාණ්ඩ වල මිල පහළ යනු ඇති.
පවතින විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1,465කට ආනයන සීමා පනවමින් ඉකුත් අගොස්තු මස 23 වැනි දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක් එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකා රේගුවට අයත් අංගනවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
මෙහි දී රේගු භාරයට ගෙන රාජසන්තක කරන ලද ආනයනය තහනම් භාණ්ඩ තොගයක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
ජංගම දුරකතන, රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ ඒ අතර වෙයි.
අමාත්‍යවරයා කියා සිටියේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී මෙම ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා ඇතුළු රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව එක් වූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |