මාර්තු මාසයෙන් පසුව මෙතෙක් ඩොලරයේ වැඩිම අගය නැවතත් වාර්තා වෙයි.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By Sithumi Nov 29, 2023 11:11 AM GMT
Report

ඊයේ දිනය වන විට දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 324.11 ක් සහ විකුණුම් මිල රු. 334.11 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම ගැනුම් මිල මෙය වන බවයු වාර්තා වන්නේ.

එසේම ඩොලරයක විකුණුම් මිල 2023 නොවැම්බර් 06 දිනෙන් පසු රු. 334 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වන අතර අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 329.00 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 ජූලි 31 දිනෙන් පසු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 329 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව ලෙසින් සඳහන් කළ හැකි වනවා.

ඩොලරය සම්බන්ධයෙන් විකුණුම් මිළ පසුගිය දිනවල යම් මට්ටමක සාපෙක්ෂ අඩුවීමක් පෙන්නුම් කළේ ඵවති අර්බුදය සමනයට පත්වීමක් වාර්තා කරමින්.

කෙසේ වුවද මෙලෙස ඩොලරය ඉහල යාම ඔස්සේ නැවත ආර්ථිකය සම්බන්ධයෙන් මතුවන ගැටලුද ඉහල යා හැකියි.