මෙරට කංසා වැවීමේ නීතිය හෙට කැබිනට් මණ්ඩලයට.
Sri Lanka Cabinet
By Wayomi
ඖෂධීය වගාවක් සේ කංසා වගාකිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට හෙට (05) ඉදිරිපත් කිරීමට නියමිතයි.
දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙම කටයුත්ත සිදු කරන අතර මෙහිදී අපනයනය සඳහා පමණක් ඖෂධීය කංසා වගාව කිරීමට නීතිගත කිරිමට නියමිතයි.
ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවසන්නේ,ඒවා අපනයනය කෙරෙන්නේ ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා පමණක් බවයි.
ඒ, අනුව ආයෝජන මණ්ඩලයට අයත් ඉඩම්වල මෙම කංසා වගා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ආමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඖෂධීය කංසා වගාව සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නීති රෙගුලාසි සකස් කිරීම සඳහා නෛතික බලය ආයුර්වේද දෙපාර්තමේන්තුවට නොමැති බැවින්, එම අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.