නියපොතු සැපීමේ පුරුද්ද නිසා ඇති විය හැකි අහිතකර සෞඛ්‍ය ගැටළු.

Ministry of Health Sri Lanka
By Wayomi Aug 24, 2022 07:11 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පොඩි කාලේ ඉඳලම අම්මා, තාත්තා ගුරුවරු කියලා දීලා තියෙන්නේ නියපොතු කෑම සෞඛ්‍යයට අහිතකර පුරුද්දක් කියලනේ. ඒත් හැබැයි සමහරුන්ට ඒ පුරුද්ද අත්හරින්න ලේසියකට බැහැ. තවත් සමහරු ඉන්නවා පොඩි කාලේ නැති වුණු ඒ පුරුද්දට ලොකු වුණාට පස්සේ ආයේ ඇබ්බැහි වෙනවා.

ලොකු පොඩි භේදයක් නැතිව මේ පුරුද්ද තියෙන අය ඒක දැන්ම අමාරුවෙන් හරි අත් හරින්න. මොකද නැත්නම් ඔබ වෙනත් සෞඛ්‍ය ගැටළු රැසක් ඇති වෙන්න පුළුවන් කියලා පර්යේෂකයන් පෙන්වා දීලා තියෙනවා.

අහිතකර ප්‍රතිපල


දත් වලට හානි විය හැකියි

🟡 නියපොතු වලට වඩා දත් ඝනකමින් වැඩි වුණත් නියපොතු සැපීම නිසා කාලයක් යද්දී ඔබේ දත් සහ විදුරුමස් වලට ස්ථීර ලෙස හානි වෙන්න පුළුවන්.

🟡 ඒ වගේම දත් අතරේ නියපොතු ඇඹරෙන විට දත් පතුරුයාම හෝ පළුදුවීම වැනි හානි සිදු විය හැකියි. මෙමඟින් දත් පිහිටා ඇති තැනින් විතැන් වීම, දත් බුරුල් වීම හා දත් වැටෙන්න වුණත් පුළුවන්.


මුඛ දූර්ගන්ධය ඇතිවීමට හේතුවිය හැකියි

🟡 නිතර අත් සෝදා පිරිසිදු කලත් රෝග කාරක විෂබීජ සහ අපද්‍රව්‍ය නියපොතු වලින් සම්පුර්ණයෙන්ම ඉවත් කරගැනීම පහසු නැහැ.

🟡 ඒ නිසා නියපොතු සපන විට නිය අස්සේ සැඟවී සිටින බැක්ටීරියාවන් පහසුවෙන් කට හරහා ශරීරගත වෙනවා.

🟡 මේ බැක්ටීරියාවන් කට තුල වර්ධනය වෙලා විදුරුමස් රෝග හා හැලිටෝසිස් තත්වය හෙවත් මුඛ දුර්ගන්ධය හැමීමට පටන් ගන්නවා.


පාචනය

🟡 නිතර නිය සැපීම නිසා විෂබීජ පහසුවෙන් ආමාශ ගත විය හැකියි.

🟡 මේ විෂබීජ නිසා ආමාශයේ හා අන්ත්‍ර වල ආසාදන තත්වයන් වර්ධනය වීමට ඉඩ ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස උදර වේදනාව සහ පාචනය වැනි පීඩාකාරි තත්වයන් ඇති විය හැකියි.


සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම

🟡 ඇස, කට , නාසය ස්පර්ෂ කරමින් සිදුකරන ඕනම ක්‍රියාකාරකමක් නිසා රෝග ව්‍යාප්ත වීමේ අවදානම වැඩියි.

🟡 ඒ අනුව නියපොතු සැපීම නිසාත් එවැනි හානිකර රෝග වෛරස ශරීරගත වීම සිදුවිය හැකි අවදානමක් තියෙනවා.

🟡 නියපොතු සැපීම කාලයක් යද්දී සෙම්ප්‍රතිශ්‍යාව ඇතුලු බෝවන වෛරස ශරීරගත වීමේ ඉඩකඩ වැඩියි.


මුහුණේ සමේ ගැටලු ඇති වීම

🟡 නියපොතු සැපීම නිසා ඇඟිලි වල නියපොතු අවට සමේ කුඩා පලුදු වීම් ඇතිවිය හැකියි.

🟡 ඒ වගේම ඉන්නන් ඇතිවීමට හේතුවන පැපිලෝමා වැනි වෛරස ආදිය සමට ඇතුල් වෙන්න පුළුවන්.

🟡 එලෙස සමේ හෝ නිය අස්සට ඇතුලු වූ වෛරස නියපොතු සපන විටකදී හෝ මුහුණ ස්පර්ෂ කරන විටකදි සමට ඇතුලු වී ඉන්නන් වැනි තත්වයන් (විශේෂයෙන්ම තොල් අසල සමේ) මතුවිය හැකියි.


මුල් බැසගත් හිසරදය තත්වයන්

🟡 නියපොතු සැපීමට පුරුදුව සිටින පුද්ගලයින් හට bruxism තත්වය නැති නම් නිරායාසයෙන්ම ඇතිවන දත්මිටි කෑමේ ස්වභාවය ඇතිවිය හැකියි.

🟡 මේ තත්වයෙන් පෙළෙන පුද්ගලයින් හට හණු වේදනාව, මාංශ පේශීන් වල ආතතිය, මුහුණ වටා ඇතිවන වේදනාව සහ නිතර ඇතිවන මුල්බැසගත් හිසරදය වැනි තත්වයන් ඇති වෙනවා.    


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW