ලොවම කම්පා කරමින් කඩා වැටුණු පාලමේ නවතම තත්ත්වය..විමර්ශන වලට වන දේ..(PHOTOS)
පසුගිය 26 වැනිදා අමෙරිකාවේ බැල්ටිමෝ හි පැටැප්ස්කෝ ගංගාව ඔස්සේ යාත්‍රා කරමින් පැවති ද ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටී ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.
අනතුරින් පසුව නෞකාවේ සහ කඩා වැටුණු පාලමේ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී තිබේ.
ටොන් දහසක් එසවිය හැකි අමෙරිකාවේ විශාලතම දොඹකරයක් වන චෙසපීක් වන් තවුසන් (Chesapeake 1000) දොඹකරය යොදා ගනිමින් එම කටයුතු සිදුකරනවා.
සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා තවත් පාවෙන දොඹකර 7ක්, ඇදගෙන යාම සඳහා භාවිත කරන යාත්‍රා 10ක්, පාරු 9ක්, මුදා ගැනීමේ යාත්‍රා 8ක් සහ වෙරළාරක්ෂක බෝට්ටු 5ක් ද යොදා ගැනීම බලධාරීන්ගේ සැලසුම වී තිබේ.
බලධාරීන් පවසන්නේ, ෆ්‍රැන්සිස් ස්කෝට් කී පාලමේ වානේ ටොන් 3,000ත් 4.000ත් අතර ප්‍රමාණයක්මේ වනවිට බාහලුම් නෞකාව මතට වැටී ඇති හෙයින් සුන්බුන් ඉවත් කිරීම අභියෝගයක් බවයි.
ඒ අනුව, වානේ, කොටස් වශයෙන් කපා ඉවත් කිරීම ඔවුන්ගේ සැලසුම වි ඇති බවත්පළමු වානේ කොටස කපා ඉවත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බවත් සඳහන්ය.
අනතුරින් පසුව අමෙරිකාවේ ප්‍රධානතම වරායක් වන බොල්ටිමෝර් වරාය මේ වනවිට වසා දමා ඇති අතර වරාය නැවතත් විවෘත කිරීම සඳහා මාස කිහිපයක් ගතවනු ඇත.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වසර ගණනාවක් ගතවන අතර අනතුර පිළිබඳ විමර්ශනවලට වසර දෙකක් පමණ ගතවනු ඇති බවයි.