ජනාධිපති ආර්යාවට කොවිඩ්.

COVID-19 Joe Biden United States of America World
By Hashini Sep 05, 2023 05:49 AM GMT
Hashini

Hashini

in ලෝකය
Report

ඇමරිකාවේ ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩන් හට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඇයට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ කොවිඩ් සඳහා වූ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුවයි.

ජනාධිපති ආර්යාවගේ කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජිල් බයිඩන් හට මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති බවයි. 

ඇය මේ වන විට Delaware ප්‍රදේශයේ Rehoboth Beach හි පිහිටි නිවසේ රැඳී සිටියි.

ජනාධිපති ආර්යාව මේ වන විට 72හැවිරිදි වියේ පසු වෙනවා.