තම දියණියවට හදී කළ 36 හැවිරිදි පියාට අවසානයේ සිදු වූ දේ. - (VIDEO)
සිය 16 හැවිරිදි දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා.
එම පුද්ගලයා 36 හැවිරිදි අම්පාර කුමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය 16 හැවිරිදි දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්,ඒ පිළිබඳව හෙළිවීමෙන් සියදිවි නසාගන්නට ඇති බවත්ය.
අදාල පුද්ගලයාගේ බිරිඳ මීට මාස 06කට පෙර ගෘහ සේවිකාවක ලෙස රැකියාවක් සඳහා විදෙස් ගත වී ඇත.
පසුව ඔහු සිය දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙසටද ඇය බියවද්දා ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් මේ පිළිබඳව දමන පොලීසියේ නිලධාරියෙකුට දැනගැනීමට ලැබී ඇති අතර ඒ ගැන සොයා බැලීමට අදාළ නිලධාරියා තවත් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුද සමඟ ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී සැකකරු සිය නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.