මැකෝගෙන් හදිසියේම පක්ෂ ලොක්කන්ට දැනුම්දීමක්.

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Government Of Sri Lanka Election
By Wayomi Feb 18, 2024 10:16 AM GMT
Report

ලබන සතියේදී දේශපාලන පක්ෂ ලේකම්වරු හමුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තනි බව වාර්තා වෙනවා.

ඒ, ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ඒ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ 80න් අඩක් ලබන සතියෙත් ඉතිරි ප්‍රමාණය ඊළඟ සතියෙත් මැතිවරණ කොමසාරිස් හමුවීමට නියමිතව ඇත.

මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරයා අනිවාර්යයෙන් පැවැත් විය යුතු වන අතර ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් විය යුතු බවයි මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ.

පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී මැතිවරණ කටයුතුවලට අමතරව ඡන්ද නාමලේඛන ලියාපදිංචිය හා ඊට බලපා ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ලබන 27 හා මාර්තු මස 06 වැනිදා පැවැත්වීමට ඉඩ ඇත.