කහ පාටට පෙම් බැඳී සුදු මැස්සාගෙන් උන නොහිතපු දේ..
Sri Lanka
By krishani
පොල් වගාවට හානිකරන සුදු මැස්සා නම් කෘමියාගේ බලපෑමෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොල් වගාවන්ගෙන් සියයට 50 කට පමණ හානි සිදුව ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
මෙම කෘමියා මේ වනවිට දිස්ත්‍රික්ක 11 ක ව්‍යාප්තව සිටින බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි ආරච්චිගේ සඳහන් කළේ ය.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට පසු මෙම සුදු මැස්සාගේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කයන් ය.
තවද පුත්තලම, කුරුණෑගල, මහනුවර, රත්නපුර, කෑගල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද මෙම කෘමියා ව්‍යාප්තව සිටියි.
කහ වර්ණයට වැඩි ආකර්ශනයක් දක්වන සුදු මැස්සාගෙන් තැඹිලි ගස් වලට වැඩි හානියක් සිදුව ඇති බව දැනට සිදුකරන ලද පර්යේෂණවල දී තහවුරු වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |