තරුණ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය - ඝාතනයක්ද? සිය දිවි නසාගැනීමක්ද?
ආණමඩුව, වෙම්බුවැව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වී තිබෙනවා.
ඒ, ඔහුගේ ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේදී.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ, වෙම්බුවැව, අංගම්මනගේ පදිංචිව සිටි ශානක දිසානායක නමැති අවුරුදු 33ක තිදරු පියෙක්.
මෙම පුද්ගලයා දෛනිකව හා මාස් පතා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් හා තවත් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
එමෙන්ම ඔහුගේ බිරිඳ ද මීට මාස 07කට පමණ පෙර විදෙස් ගත වීම හේතුවෙන් සෑම දිනකම උදෑසන දරුවන් පාසල් බස් රථයට රැගෙන යන්නේත්, නැවත දරුවන් පාසල නිම වී බස් රථයෙන් පැමිණි පසු රැගෙන ඒමට කටයුතු කර ඇත්තේත් මෙම ව්‍යාපාරිකයා විසින් බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
නමුත් ඊයේ දරුවන් රැගෙන ඒමට බස් රථය අසලට ඔහු නොපැමිණි නිසා දරුවන් පා ගමනින්ම නිවෙසට පැමිණ ඇති අතර, නිවස විවෘතව තිබීම නිසා පියා සොයමින් නිවස පුරා ගමන් කරමින් සිටියදී, සිය පියා උඩු මහලේ කාමරයක බාල්කයක ලණුවක් ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටියදී වැඩිමල් දරුවා විසින් දැක තිබෙනවා.
කෙසේ වෙතත් ආණමඩුව පොලිසිය කියා සිටියේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පුත්තලම මූලික රෝහලට රැගෙන යෑමට නියමිත බවත්, මෙය ඝාතනයක්ද, සිය දිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත්ය.