අඹුසැමි යුවලකගේ මළසිරුරු නිවසකින් හමුවෙයි..කාන්තාවගේ නිරුවත් සිරුරක්.
මිරිහාන ප්රදේශයේ නිවසකින් දින කිහිපයකට පෙර මිය ගිය බවට සැලකෙන වයෝවෘද්ධ අඹුසැමි යුවළකගේ සිරුරු සොයා ගෙන තිබෙන බව පොලිසිය සදහන් කර සිටිනවා.
ජුබිලි මාවත, මිරිහාන ප්රදේශයේ දින කිහිපයක සිට දුගදක් හමන බව අසල්වැසියන් විසින් සිදුකල පැමිණිල්ලක් මත මිරිහාන පොලිසිය විසින් එම නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවෙසෙහි තිබූ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය වයෝවෘද්ධ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම වැඩිදුර පරීක්ෂා කිරීමේදී පොලිසිය සඳහන් කළේ, එම නිවසේ මුළුතැන්ගෙයි තිබී නිරුවත් කාන්තා මළ සිරුරක්ද සොයාගත් බවයි.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 80ක් වන අයෙක්ද, කාන්තාව වයස අවුරුදු 96ක් වන ඉහත නිවසේ වාසයකළ අඹුසැමි යුවලක් බවයි, පොලිසිය සඳහන් කළේ.
මෙය ඝාතනයක්ද, නැතහොත් ස්වාභාවික මරණයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබවයි