රථ වාහන සම්බන්ධයෙන් අධිකරණය විශේෂ තීරණයක් ගනී...

Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Aruna Feb 17, 2024 06:24 AM GMT
Report

යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ තබා ඇති රපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරු වෙත ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් සිදු කර තිබෙනවා.

අදාළ රථ වාහන රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් මෙම දේපොළ අත්පත් කර ගැනීම සඳහා මහාධිකරණයෙන් නිසි පරිදි නියෝග ලබා ගෙන නොමැති බව පවසමින් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ දැඩි විරෝධයක් පල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මළලගේ සුදත් කිත්සිරි නොහොත් "වැලිවිට සුද්දා" නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව පවසමින් ඔහුගේ සහෝදරියක සතු ව තිබූ සුඛෝපභෝගී බස් රථ පහක්, නවීන මෝටර් රථයක් සහ යතුරුපැදියක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබුණා.