ලිංගිකව හැසිරෙමින් වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරි තරුණ යුවල මෙන්න..සියලු වීඩියෝ සමග වැඩේ මාට්ටු වෙයි..
ලිංගික ක්‍රියා සිදු කරමින් එම දසුන් වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදා හරිමින් සිටි තරුණ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ තරුණියක් සහ ඇයගේ විවාහක ස්වාමිපුරුෂයා වූ 24 හැවිරිදි තරුණයෙක් බවයි පැවසෙන්නේ.
පොලිසිය විසින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ, තමන්ට නිසි ආදායම් මාර්ගයක් නොමැති නිසා පවුලේ ඇතිවූ ගැටලුවලට පිළියමක් වශයෙන් බිරිඳ සමග ලිංගිකව හැසිරී එම දසුන් වීඩියෝ කර වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ වෙබ් අඩවියකට උඩුගත කර එමගින් සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට කටයුතු කළ බවටයි.
කිසිම රැකියාවක් නොකර කුලී වාහනවල යමින් නගරයේ ලොකු හෝටල්වලින් ඔන් ලයින් ක්‍රමයට කෑම බීම ඇණවුම් කරමින් නිතර විනෝදකාමි ලෙස කාලය ගත කරන මෙම යුවළගේ සැක කටයුතු හැසිරීම් දුටු අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණලි නිසා අදාළ නිවෙස පරීක්ෂා කිරීමට කටයුතු කළ බවයි පොලිසිය කියා සිටියේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, සැකකාර අඹුසැමි යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළිකර ගැනීමට හැකිවූ බවත්, එම නිවෙසේ තිබී සැකකරුවන් ඒ සඳහා යොදා ගෙන තිබු ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කීපයක් හමුවූ බවයි.