කෙහෙළියගේ ආන්දෝලනාත්මක එන්නත් ගනුදෙනුවට සාක්ෂි ගන්න කැබිනට් මණ්ඩලයම අධිකරණයට??

Keheliya Rambukwella Ministry of Health Sri Lanka Sri Lanka Cabinet Sri Lanka Magistrate Court
By Wayomi Feb 04, 2024 11:28 AM GMT
Report

මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවා ආන්දෝලනාත්මක එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නීති කෘත්‍යට සාක්‍ෂි ගත යුතු බවට ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් පරිසර ඇමති කෙහෙළිය වෙනුවෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින්.

අමාත්‍යවරයා ඇප නියම කරන ලෙස ඉල්ලමින් නීතීඥවරයා මෙලෙස අදහස් පල කළා.

“ස්වාමිනි පැමිණිල්ල කියනවා, මගේ සේවාදායකයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නිසා මුළු කැබිනට් මණ්ඩලයම නොමඟ ගිහිල්ලා කියලා. කැබිනට් මණ්ඩලය ඔවුන් වෙත එන ඕනෑම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරනවා ද? කරුණාකර මුළු කැබිනට් මණ්ඩලයම කැඳවන්න ඔවුන් නොමඟ ගියේ කොහාමද කියලා සාක්ෂි ගන්න. ෆයිල් නැතිවුනා නම් ස්වාමිනි ෆයිල් නැතිකරපු කෙනා සොයාගන්න කියන්න. ඒකට ඇමතිට නඩු දාන්න එපා. මොකද උසාවියක නඩු භාණ්ඩ නැතිවුණා කියලා විනිසුරුවරයා වැරදි නැහැනේ. ස්වාමිනි බැලු බැල්මටම මගේ සේවාදායකයාට එරෙහිව නඩු කටයුත්තක් නැති හෙයින් ඔහුව නිදහස් කරන්න. මගේ සේවාදායකයා රෝග රැසකට බෙහෙත් වර්ගම 07ක් බොනවා.”

                                                                                            Sponsored By Sarrita Jewellery

කෙහෙළියගේ ආන්දෝලනාත්මක එන්නත් ගනුදෙනුවට සාක්ෂි ගන්න කැබිනට් මණ්ඩලයම අධිකරණයට?? | The Controversial Vaccine Deal