අවිවාහක කතක් කෙළසූ කොස්තාපල්වරයාට අවසානයේ සිදු වූ දේ.

Sri Lanka Police
By Wayomi Feb 14, 2024 11:55 AM GMT
Report

අවිවාහක කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙකුට ඊයේ (13) දඬුවම් නියම වුණා.

ඒ, අනුව ඔහුට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කරනු ලැබූ අතර එම වින්දිත කාන්තාවට රුපියල් 500,000ක වන්දියක් ගෙවන ලෙසත්, රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය මහතා නියෝග කරනු ලැබුවා.

එලෙස දඬුවම් නියම වුණේ, නුවරඑළිය පොලිස් කොට්ඨාශයට අයත් හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නැමති පුද්ගලයෙකුටයි.

මේ අනුව එම සිර දඬුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඬුවම තවත් වසර තුනකින් දිර්ඝ කිරීමටත් නියෝග කර ඇත.

2019 වසරේදී එම පුද්ගලයා හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන අතරතුර එම කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් 2019 වසරේදී ඔහුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් එම චෝදනාව යටතේ පොලිස් දෙපාර්තුමේන්තුව විසින්ද පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මුලික විමර්ශනයක් සිදුකර පසුව එම පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කළ අභියාචනාවක් සලකා බලා ඔහුව එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවා තිබුනා.