ශ්‍රී ලංකාව තීරණාත්මක අඩියක..වැඩේ හරිගියොත් රටම ගොඩේගොඩ - මහ බැංකුවෙ අධිපති.
Central Bank of Sri Lanka
Nandalal Weerasinghe
Sri Lanka
By Aruna
පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීමේ වැඩපිළිවෙල මේ වන විට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉකුත්දා පැවති සාකච්ඡා සාර්ථක මට්ටමක පැවති බවයි.
දැන් උදාවී ඇත්තේ වාණිජ ණය ලබාගත් පාර්ශවයන්ගෙන් ණය කල් දැමීම පිළිබඳ සහතිකයක් ලබාගැනීම බවත්, එය නොමැතිව IMF සහනයක් නොලැබෙණු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවසුවා.
පවතින උද්ධමනයත් සමඟ මතුව ඇති රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා වේදනාකාරී විය හැකි දැඩි තීරණ ගතයුතු බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.
පනවා ඇති බදු වැඩිකිරීම තවත් වසරක් පමණ ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |