යතුරුපැදියකින් පිළිකාවට බෙහෙත් බෙදූ පුද්ගලයා - එන්නත් හා ඖෂධ වර්ග 16ක් ඒ අතර

Bone Cancer Cancer Heart Cancer Ministry of Health Sri Lanka
By Sewvandhi Nov 30, 2023 03:51 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග 16ක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිසිලස රැඳෙන පෙට්ටියක් තුළ ඇසිරූ එන්නත් හා ඖෂධ තමා අළෙවි කළේ,අලෙවි නියෝජිතයෙකු තමන් වෙත යොමුකරන රෝගීන්ට බවයි, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීමකදී 24 හැවිරිදි සැකකරු පවසා ඇත්තේ.

එමෙන්ම සැකකරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රකාශ කළේ, අදාළ ඖෂධ තමා වෙත අළෙවි කිරීම සඳහා ලබාදුන්නේ ද එම අලෙවි නියෝජිතයා බවය.

මහමගදී අලෙවි කළ පිළිකා ඖෂධ මෙරට ලියාපදිංචිකර ඇතිද යන්න සොයාබැලීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත යොමුකිරීමට නියමිතය.

අද බැඳුම්කර ඇප මත මුදාහැරි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.