දත් මැලියම් ඉවත් කරන හොඳම ක්‍රම 10ක් මෙන්න.
අප ආහාර ගන්නා විට අපගේ මුඛයේ ඇති බැක්ටීරියා සීනි හෝ පිෂ්ඨය සහිත ආහාර සමඟ මිශ්‍ර වී අම්ල සාදනවා. ඒවා කෙළ සමඟ මිශ්‍ර වෙලා දත් මත සහ විදුරුමස් දිගේ මැලියම් සාදනවා. හොඳින් දත් මන්දින්නේ නැති නම් සහ දත් වලට අහිතකර ආහාර වර්ග නිතර නිතර ගැනීමෙන් මෙම මැලියම් යවාගන්න එක ටිකක් අමාරු වැඩක්.
ඒක කොයිතරම් අපහසු වුණත් මේ කියන්න යන්නේ පහසුවෙන්, සරලවම ඔබේ දත් වල බැදුණු මැලියම් හා කහට ගතිය ඉවත් කර දුර්ගන්දයකින් තොර දත් දෙපළක් ලබාගන්න කරන්න ඕන සරල ප්‍රතිකාර කිහිපයක් ගැනයි.
01. පොල්තෙල්
?? පොල්තෙල් මේස හැන්දක් විනාඩි 15ක් 20ක් විතර කටේ තියන් ඉඳලා ඊළගට සාමාන්‍ය විදියට දත් මදින්න.
02. ස්ට්‍රෝබෙරි සහ බේකින් සෝඩා
?? ස්ට්‍රෝබෙරි යුෂ ටිකකට බේකින් සෝඩා තේ හැන්දක් එකතු කරගෙන ඒ මිශ‍්‍රණයෙන් දත් මදින්න. මේක සතියකට දෙපාරකට වඩා නොකරන්න මතක තියාගන්න.
03. ඇපල් සයිඩර් විනාකිරි සහ බේකින් සෝඩා
?? දන්තාලේපයක් තරමට එනතුරු ඇපල් සයිඩර් විනාකිරි සහ බේකින් සෝඩා මිශ‍්‍ර කරල ඒ මිශ‍්‍රණයෙන් දත් මදින්න. මේකත් සතියකට එකපාරක් හෝ දෙපාරක් කලාම ඇති. මොකද මේ මිශ‍්‍රණය ආම්ලික නිසා ඔයාගේ දත් වල එනමලයට හානි වෙන්න පුළුවන්.
04. ඔලිව් තෙල්
?? ඔලිව් තෙල් වලින් කට සේදීමත් හොඳ ප‍්‍රතිකාරයක්. මේක ආම්ලික නොවන නිසා දිනපතා වුණත් කරන්න පුළුවන්. ඔයා ඔලිව් තෙල් වල රසයට අකමැති නම් කපු පුළුන් කැබැල්ලකට හරි රෙදි කැබැල්ලකට හරි ඔලිව් තෙල් ටිකක් දාල එයින් දත් ටික අතුල්ලන්නත් පුළුවන්.
05. කෙසෙල් ලෙල්ල
?? කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්තෙන් දත් ටික ඇතිල්ලීම දත් සුදුවන්ව පවත්වා ගැනීමට ඉතා හොඳ ප‍්‍රතිකාරයක්.
06. ලෙමන්/දොඩම් ලෙලි
?? දොඩම් ලෙල්ලක් හරි ලෙමන් ලෙල්ලක් හරි අරන් දත් ටික අතුල්ලන්න. ඒකෙන් දත් පිරිසිදු වෙනවා වගේම සුදු වෙනවා.
07. ලුණු සහ දත් බෙහෙත්
?? දත් මදින වෙලාවට ඒ දත් බෙහෙත් ටිකටම ලුණු ස්වල්පයක් එකතු කරලා දත් මදින එකත් දත් වල නිරෝගී බව පවත්වා ගැනීමට
08.ඇපල් ආහාරයට ගැනීම
?? දිනපතා ඇපල් ආහාරයට ගැනීමෙනුත් ඔයාගේ දත් ටික පිරිසිදුව තියාගන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැව්ම්, පිරිසිදු ඇපල් ආහාරයට ගත්තොත් විතරයි.
09. කිරි තේ සහ කිරි කෝපි
?? ඔයා තේ හරි කෝපි හරි බොන වෙලාවට ඒකට කිරි ටිකකුත් එකතු කරගත්තොත් තේ සහ කෝපි වල අඩංගු කැෆෙන් මගින් ඔයාගේ දත් වල කහට බැදෙන එක අඩු වෙනවා.
10. කැෆෙන් සහ සීනි අඩංගු ආහාර ගැනීම අවම කිරීම
?? කැෆෙන් සහ සීනි ඔයාගේ දත්වල නිරෝගී භාවයට සුභ වෙන්නේ නැහැ. ඒ නිසා තේ, කෝපි සහ ශක්තිජනක පානයන් ගැනීම අඩුකිරීම ඔයාගේ දත්වලට හිතකරයි.
11. මේවායෙන් දත් මැලියම් නොයා තදට ඝනව සෑදී තිබේ නම්, ඔබ දන්ත වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබාගන්න. 12. ඒ වගේම රසකැවිලි අඩුවෙන් අනුභව කර සීනි සහිත බීම අඩුවෙන් පානය කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |