කෙසෙල් මුව කල්තබා ගන්න හොඳම විදිහක්.
මේ දවස් වල ලංකාවේ අපිට වගේම වෙනත් රටවල් වල ජීවත්ව වන අපේ අයටත් ආහාර සුරක්ෂිත කිරීම ගොඩක් වටින පාඩමක්. ඉතින් හැමදාම කියනවා වගේ මේ උදාවෙලා තියෙන ආහාර හිඟයට තවත් පිළියමක් තමයි මේ කියන්න යන්නේ. කෙසෙල්මුව කියන්නේ වැඩි දෙනෙක් කැමති කෑමක්. ඉඳලා හිටලා හරි ඒවායේ රස බලන්න කැමති නේද? ඔන්න අද කියන්න යන්නේ රෝගාබාධ රැසකට ගුණ දෙන කෙසේල්මුව කල්තබා ගන්න ක්‍රමයක් ගැනයි. හැබැයි ඔබ මතක තියාගත යුතුම කරුණ තමයි හැම කෙසෙල් වර්ගයකම කෙසෙල් මුව ආහාරයට ගන්නේ නැති බව.
- මුලින්ම කෙසෙල් මුව සිහින්ව කපා ගන්න.
- ඊට පස්සේ නටන උණු වතුර බඳුන කට ලුණු මේස හැඳි 2 ක් පමණ එකතු කරන්න.
- ඒකට කපා ගත් කෙසෙල් මුව කැබලි දමා හොඳින් කලවම් කර විනාඩි 2 ක් පමණ තම්බා ගන්න.
- ඉන්පසු අව්වේ දමා හොඳින් වියලා ගන්න.
- පසුව වීදුරු බෝතල් හෝ ziplock bags හෝ පොලිතින් bags හෝ ඔබට පහසු විදිහකට අසුරගන්න.
මේවා අවුරුද්දක් වුණත් කල් තියාගන්න පුළුවන්.