හොඳම තේ දළු නෙලන්නිය තෝරා පත්වෙයි..!

Nuwara Eliya Sri Lanka
By Sewvandhi Feb 25, 2023 01:44 PM GMT
Report

කැළණිවැලි - තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල හොඳම තේ දළු නෙලන්නිය ලෙස 37 හැවිරිදි ආර්.සිදෙයි අම්මා තේරී පත්ව තිබෙනවා.

වසර 7 ක කාලයක් වතු රැකියාවේ නියුතු ආර්.සිදෙයි අම්මා සමග හොඳම තේ දළු නෙලන්නිය තෝරා ගැනීමේ අවසන් මහා තරගයට තවත් තරගකරුවන් 41 දෙනෙකු ඉදිරිපත්ව සිටි බව වාර්තා වනවා.

කැළණිවැලි - තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම් වලට අයත් වතු 42 ක හොඳම තේ දළු නෙලන්නියන් තේරීම් තරග පවත්වා ඒවායේ ජයග්‍රාහකයින් 42 දෙනෙකු අවසන් මහා තරගයට ඉදිරිපත් කර තිබුණා.

රදැල්ල වතු යායේ හොඳින් තේ වැවුණු කොටසක තේ දළු නෙලීම සඳහා විනාඩි 20 ක කාලයක් අවසන් මහා තරගයේදී ලබාදී ඇති අතර, එහිදී ආර්.සිදෙයි අම්මා අමු තේ දළු කිලෝ 10 යි ග්‍රෑම් 450 ක් නෙලා තරගය ජයගත් බවයි වාර්තාකරු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now