ජීවත්වීමට සහ රැකියාවක නිරත වීමට සුදුසුම හා නුසුදුසුම නගරය..

Dubai Spain
By Sewvandhi Nov 30, 2022 06:22 PM GMT
Report

විදේශිකයන් හට ජීවත් වීමට සහ රැකියාවක නිරත වීමට ලොව පුරා නගර අතරින් සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ වැලෙන්සියා (Valencia) නගරය නම් කර තිබේ.

එනම්, ලොව විශාලතම විදෙස්ගත ප්‍රජාව නියෝජනය කරන ඉන්ටර්නේෂන්ස් නම් සංවිධානය විසින් ලොව පුරා රටවල නගර 50ක් යොදාගනිමින් 2022 වසරේ සිදුකරන ලද සමීක්ෂණයෙන් මේ බව අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ ඒ නගරවල ජීවන තත්ත්වය, පොදු ප්‍රවාහනය, නිවාස මිල, දේශගුණය, ආරක්ෂිතභාවය ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

මේ අතර විදේශිකයින් සඳහා දෙවන ස්ථානයට සුදුසුම නගරය ලෙස ඩුබායි නගරය නම් කර ඇති අතර, තෙවන ස්ථානය හිමි කරගන්නේ mexico නගරයයි.

එම ලැයිස්තුවට අනුව විදේශිකයින් සඳහා ජීවත්වීමට නුසුදුසු නගරය ලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now