කාන්තා මළසිරුර රැගෙන්න එන්න ගිය කෝප්‍රල්වරයාත් හදිස්සියෙ මිය යයි.

Sri Lanka Army Sri Lanka
By Wayomi Aug 03, 2023 08:06 AM GMT
Report

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තා මළ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදා කෝප්‍රල්වරයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා ප්‍රකාශ කළා.

කාන්තා මළ සිරුර රැගෙන ඒම සඳහා ගිය කණ්ඩායමේ සිටි 37 හැවිරිදි කෝප්‍රල් කේ. එන්. එස්. කේ. හේරත් හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් නුවරඑළිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

හෘදයා බාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මිය ගොස් ඇති බවට සැකපල කරන අතර ඔහු නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි කෝප්‍රල් කේ. එන්. එස්. කේ. හේරත් නමැති අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තිදෙරු පියෙක්.