යළි ත්‍රස්ත විරෝධී පනත ගැසට් කරයි..
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය සෙනසුරාදා දිනයේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වන්නේ.
මීට පෙර මේ වසරේ මාර්තු මස 22 වැනි දින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ඊට බොහෝ පාර්ශවවලින් විරෝධතා එල්ල වීමත් සමඟ එය සංශෝධනය කිරීමට රජය විසින් තීරණය කළ අතර, බොහෝ දෙනෙකුගේ උපදෙස් සහ අදහස් ලබාගෙන එම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සකස් කර ඇති බවයි පැවසෙන්නේ.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, පළමු වරට ප්‍රකාශයට පත්කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ පැවති අඩුපාඩු එම නව පනත් කෙටුම්පත මඟින් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි.
එම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමෙන් අනතුරු ව ඊට එරෙහි ව විරෝධතා ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ හැකි බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.