රන් පදක්කම් ඇතුළු පදක්කම් 3කින් ලක් මව සැරසූ 71 හැවිරිදි කාන්තාව. - (VIDEO / PHOTOS)
Sri Lanka
Athletic Tournament
Sports
By Wayomi
71 හැවිරිදි කාන්තාවක් ශ්රී ලාංකික කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.
ඇය මුලතිව් ප්රදේශයේ පදිංචි අකිලා තිරුනායකීයි.
මෙම තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මෙලෙස දිනාගනු ලැබුවා.
එමෙන්ම මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමි වී තිබෙනවා.
මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්රාමික බන්ධනාගාර නිලධාරිනියක්.