ඉන්ධන බද්ද ඉවත් කරන බව ඇමති කියයි

Ceylon Petroleum Corporation Petrol diesel price Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Jul 22, 2025 06:59 AM GMT
Report

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පැරණි ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් වූ පසු ඉන්ධන ලීටරයකට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

පසුගිය රජයේ පාලන සමයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව භාණ්ඩාගාරයට රුපියල් බිලියන 884ක ණය මුදලක් ගෙවීමට තිබූ බව අමාත්‍යවරයා පැවසීය.

එම ණය ගෙවීම සඳහා ඉන්ධන ලීටරයකට රුපියල් 50ක බද්දක් පැනවූ බව ඔහු පෙන්වා දුන්නේය.

දැනට එම ණයෙන් අඩක් ගෙවා අවසන් බවත්, ඉතිරි මුදල ගෙවූ පසු ඉන්ධන සඳහා පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීම පිළිබඳව රජය සලකා බලන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.