පැතුම්ගේ උත්සාහයත් අපතේ යයි.. භාරත පුතුන් ළඟ සිංහයින් අද පැරදිලා..
අද (27) දිනයේ සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියා කණ්ඩායම සමත් විය.
ඒ ශ්‍රී ලංකාව ලකුණු 43කින් පරාජයට පත් කරමින් ය.
තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේ ය.
ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් පමණක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් විය.
නායක Suryakumar Yadav ලකුණු 58ක්ද, Yashasvi Jaiswal ලකුණු 40ක්ද, Rishabh Pant ලකුණු 49ක්ද, Shubman Gill ලකුණු 34ක්ද ලෙසින් ඉන්දීය කණ්ඩායමේ ඉහළම ලකුණු වාර්තා කළේ ය.
පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුළු 04ක්ද, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මධුසංඛ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු02ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 170ක් පමණක් රැස් කර ගැනීමට හැකි විය.
පන්දුවට පහරදීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අගනා ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක ලකුණු 79ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 45ක්ද, කුසල් පෙරේර ලකුණු 20ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 12ක්ද ලෙස කණ්ඩායමේ ඉහළ ලකුණු වාර්තා කිරීමට සමත් විය.
එමෙන්ම, පන්දු යැවීමේ දී Arshdeep Singh සහ Axar Patel කඩුළු 02 බැගින්ද, Riyan Parag කඩුළු 03ක්ද, Ravi Bishnoi සහ Mohammed Siraj එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත්, තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය හෙට දිනත්, තුන්වැනි තරගය 30 වැනිදා රාත්‍රී 07.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.