තරුෂි සහ දිල්හානිට ඔලිම්පික් වරම්..

Olympic Academy Paris 2024 Summer Olympics
By Sithumini Jul 02, 2024 03:52 PM GMT
Report

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා මීටර් 800 දිවීමේදි බලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වීමටද ඉඩ තිබුණා.

කෙසේවෙතත් ඇයට මෙම සුදුසුකම් ලැබීමට හැකිවීම ඉතාම සතුටුදායක කරුණක්.