ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණිගේ දියණිය කිසිදු සීරීමක්වත් නැතිව මියයාම ගැන දුන් තීන්දුව මෙන්න(PHOTOS)
පසුගිය දිනවලදී හැමෝගේම අවධානයට ලක්වුණු කතා පුවත් අතර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස්ගේ ආදරණීය දියණිය තමාෂා පීරිස් විදෙස්ගතව සිටිය දී හදිසියේ අභාවප්‍රාප්ත වුණු පුවත සඳහන් කළ හැකිය.
මැලේසියාවේදී මියගිය 19 හැවිරිදි තමාෂා පීරිස්ගේ අධිකරන වෛද්‍ය පරීක්ෂණය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේදී ඊයේ 15 සිදු කර තිබුණා.
එහිදී මරණය ගැන විවෘත තීන්දුවක් ලබා දී තිබුණු අතර මෘත දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ද මැලේසියාවේදී සිදුකර අතැයි තොරතුරු වාර්ථා වේ.
කිසිදු බාහිර තුවාලයක් හෝ සීරීමක් මෘතදේහයේ දකින්නට නොලැබුනු බවයි මෘතදේහය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයා පැවසුවේ.
තමාෂාගේ මෘත දේහය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසුව කටුනායක පොලීසිය භාරගෙන පසුව එය රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.
2003 අගෝස්තු 31 වැනිදා උපන් තමාෂා මියයන විට 19 වැනි වියේ පසු වුණා.
මෙලෙස අවාසනාවන්ත අයුරින් මියගිය තමාෂාගේ ඡායාරූප පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |











