කෑවට දැකලා නැති "තලපතා" බිලීබෑම මේතරම් අවදානම් ඇයි?
ගොඩක් දෙනා තලපත් මාළු කාලා තිබ්බට තලපත් මාළුවෙක් හරියකට දැකලා නැහැ. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ මාළුවා ගැන හරි හැටි දන්නෙත් නැහැ. ඉතින් මේ කියන්න යන්නේ මෙච්චර කාලයක නොදැක කාපු තලපතා ගැනයි.
? මේ මත්ස්‍යයන් ගොඩක් විශාලයි.සාමාන්‍යයෙන් 90kg තරම් බර සහ 3m පමණ වැඩෙනවා.
? මේ මාළු වෙලඳපොලට එන්නේ කොටස් කිරීමෙන් පසුව නිසා ගොඩක් අය මේ සුන්දර මත්ස්‍යයාව දැකලා නැහැ.
? තලපතා හෙවත් සේල් ෆිෂ් විශේෂ දෙකක් ලොව වාසය කරන බව සමහර විද්‍යාඥයන් විශ්වාස කලත් සාමාන්‍යයෙන් පිලිගත් මතය වන්නේ මේ එකම විශේෂයක් බවයි.
? එම විශේෂය විද්‍යාත්මකව Istiophorus platypterus ලෙස හඳුන්වනවා.
? මේ අය සාමාන්‍යයෙන් ලොව පුරා ගැඹුරු මුහුදුවල වාසය කරනවා.
? ඒ වගේම මොවුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 7ක් පමණ වෙනවා.
? මේ අයගේ මුව දිගු තියුණු හොටක ස්වභාවයක් ගන්නවා.
?මෙහිදී යටි හණුව දිගින් අඩු වන අතර උඩු හණුව දිගින් ගොඩක් වැඩියි.
? සේල් ෆිෂ් ලගේ පෘශ්ඨිය වරල ඉතාමත් විශාල රුවලක ස්වභාවයක් ගන්නා අතර එය කැපීපෙනෙනවා.
? මෙම රුවලක් වැනි වරල නිසාමයි මේ අයට සේල් ෆිෂ් කියන නම ලැබිලා තියෙන්නේ.ඉංග්‍රීසියෙන් සේල්(Sail) කියන්නේ රුවල කියන අදහස දෙන්නේ.
? වර්ණය ගත්තම පෘශ්ඨිය පෙදෙස තද නිල් කළු පැහැයක් ගන්නා අතර උදරීය පෙදෙස රිදී පැහැයක් ගන්නවා. ශරීරය දිගට සිරස් ඉරි වැටී තිබෙනවා.
? මුහුදේ ජීවත්වන වේගවත්ම සත්වයා මෙයා කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඒ වේගය 110 km/h විතර වෙනවා කියලයි විශ්වාස කරනවා.
? මෙයාලා පීනනකොට ගුවනට පනිමින් මුහුදෙ දකින්න පුලුවන් හරිම සුන්දර දර්ශන වලින් එකක් නිරිමාණය කරනවා.
? මේ අය රංචු විදිහට තමයි ගැවසෙන්නේ සහ දඩයම් කරන්නේ.
? මෙහිදී ඔවුන් විශාල රුවලක් වගේ තියන ෂෘශ්ඨීය වරල බාධකයක් විදිහට පාවිච්චි කරලා කුඩා මත්ස්‍ය රංචු කොටුකර ගන්නවා.
? අන්න එහෙමයි මේ අය එයාලට ස්වභාවයෙන්ම ලැබුන විශ්මිත වරල ප්‍රයෝජනයට ගන්නේ.
? ඒ වගේම තමයි මේ අය තමන්ගේ විලෝපික සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත් හරි අපූරු ආයුධයක් භාවිතා කරනවා.
? ඒ තමයි ඔවුන්ගේ තියුණු හොටක් වගේ මුව හෙල්ලයක් විදිහට යොදවාගෙන සතුරන්ට පහර දෙනවා.
? සේල් ෆිෂ්ලා බොහොම ජවසම්පන්න වගේම සටන්කාමී මත්ස්‍යයන්.
?ඒ නිසාම සෙල් ෆිෂ් කෙනෙක් බිලීබානවා කියන්නේ අතිශය අවදානම් වගේම ඉතාම වෙහෙසකර කටයුත්තක්.
? මොකද මෙයාලගේ ජවය සහ සටන්කාමීබව එක්ක මිනිහෙක් සමාන කරන්න බැහැ.
? බිලීකටුවක පැටලුණු සේල් ෆිෂ් කෙනෙක් වතුරේ පීනන එකට අමතරව ගුවන් සන්දර්ශන පවා පවත්වන්නේ ඒ අය ලේසියෙන් පරාජය බාර නොගන්නා බව සහතික කරන්නත් එක්කම තමයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |