රැජිනියක් වුණත් "වේ රැජිනට" අත් වූ ඉරණම.
හුඹස්.. වේපස් කියන්නේ ගොඩක් වෙලාවට අපේ උවමනාවන්ට යොදා ගත්තත්. "වේයා" ටිකක් කරදරකාරි සතෙක්. වේයෝ ඕනතරම් දැකලා තිබුනත් දැකලා තියෙනවද "වේ රැජිනව" ඔබට පහතින් දකින්න ලැබෙන්නේ වේ රැජිනයි. මේ කතාව වේයා ගැන නෙවෙයි..රැජින වූ ඇය ගැනයි.
🟡 ඇය රැජිනක් වුණාට ගෙවන්නේ හිරකාර ජීවිතයක්.
🟡 වේයන්ගේ ජනපදයක ඉන්න ප්‍රජනන හැකියාව ඇති එකම ගැහැණු සතා තමා මේ.
🟡 රජා හෝ රැජිනියක් බිහිවන්නේ ඔය තටු තියෙන වේයන් ඒ කියන්නේ මෙරුන්ගෙන් කියලා තමයි කියන්නේ.
🟡 එයාලා තටු ආ විට එලියට පියාබා ඇවිත් තටු ගිලිහුන විට ගුලක් හාරා අඩියක් පමණ පොලව යටට ගිහින් සහකාරියක් සොයා ජනපදයක් පිහිටවා ගන්නවලු.
🟡 මේ විදිහට රැජිනක් අවුරුදු 60-80 ක් අතර කාලයක් ජීවත් වෙනවා.
🟡 රැජිනගෙන් බිහිවන දරුවන් ඒ කියන්නේ වේයන් වැඩකාර වේයන්,සොල්දාදු වේයන් මෙන්ම මෙරුන් ද වෙනවා.
🟡 වේයන්ට වඩා දෙගුණයක් පමණ විශාල වේයන් තමයි සොල්දාදු වේයන්.
🟡 රැජිනක් මියගියහොත් ඒ කොලනිය විනාශ වෙලා යනවා.
🟡 ඒ වගේම ඒ කොලනිය තුල ප්‍රජනන හැකියාව ඇති තවත් ගැහැණු වේයෙක් සිටියහොත් එයා වෙන් වෙලා වෙනම කොලනියක් හදාගන්නවා.
🟡 රැජිනක් වුණත් පස් වලින් සැදුන කුටීරයක හිරවෙලා ගෙනත් දෙන කෑම කකා අවුරුද්ද මුලුල්ලේම දරුවන් වදන එක තමා කරන්නේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |

