අරලියගහ මන්දිරයට සිදු කල හානියේ වටිනාකම එළියට
කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට කඩාවැදුණු පුද්ගලයින් එහි තිබූ භාණ්ඩවලට පමණක් රුපියල් කෝටි දෙකකට වැඩි අලාභයක් සිදුකර ඇතැයි මෙතෙක් සිදුකළ විමර්ශන අනාවරණය කර ඇතැයි කොල්ලුපිටිය පොලීසිය කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (10) දන්වා සිටියේය.
එම අලාභය සිදුකර ඇත්තේ භාණ්ඩවලට පමණක් බවත් ගොඩනැගිලි හානි සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදුකරන බවත් පොලීසිය එහිදී දැන්වීය. අරගලකරුවන් විනාශ කළ භාණ්ඩ අතර ලැප්ටොප්, කැමරා ඇතුළු වටිනා උපකරණ 75ක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇතැයිද පොලීසිය නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේය.
මෙම සිද්ධියට අදාළව භාණ්ඩ සොරකම් සම්බන්ධයෙන් අනාවරණය වූ සැකකරුවන් තිදෙනෙක් තවදුරටත් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එහි රැඳී සිටිමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බව කියන සැකකරු ඇතුළු සිව්දෙනකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළේය. අරලියගහ මන්දිරයේ CCTV පද්ධතියට හානිකර විනාශකර ඇති බවත් අරගලකරුවන් දෙදෙනෙක් ඩිමෝ බට්ටා ලොරියකින් එහි පැමිණ ඇති බවත් අධිකරණයට කියා සිටි පොලීසිය ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවද කීවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |