ටෙලිකොම් කොටස් චීනයේ සහ ඉන්දියාවේ ප්‍රබල සමාගම් දෙකකට.

Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi Jan 31, 2024 11:28 AM GMT
Report

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙක බවයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% කොටස් විකුණා දැමීම අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙට්ටිගෝ කොමර්සියෝ ඉන්ටර්නැෂනල් සමාගම ඉදිරිපත් වී තිබෙනවා.

ටෙලිකොම් කොටස් චීනයේ සහ ඉන්දියාවේ ප්‍රබල සමාගම් දෙකකට. | Telecom Shares To Two Companies In China And India

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව ටෙලිකොම් මිලදි ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සහිත තරගකාරී සමාගම් ලෙස ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම තෝරාගෙන ඇත.

ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම අයත්වන්නේ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ව්‍යපාරයට වන අතර ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගමේ වත්කම මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 107ක්.

ටෙලිකොම් කොටස් චීනයේ සහ ඉන්දියාවේ ප්‍රබල සමාගම් දෙකකට. | Telecom Shares To Two Companies In China And India

ෆෝබ්ස් ව්‍යාපාරික වෙබ් අඩවියට අනුව මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 11 වන ස්ථානයේ පසු වෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණිමේ විශේෂ උපදේශක ආයතනය ලෙස කටයුතු කරන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවයි.         

                                                                             Sponsored By Sarrita Jewellery

ටෙලිකොම් කොටස් චීනයේ සහ ඉන්දියාවේ ප්‍රබල සමාගම් දෙකකට. | Telecom Shares To Two Companies In China And India