අතුරුදන් වූ ටෙලිකොම් සේවකයාගේ මළසිරුර ගසක් යටින් හමුවෙයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 28, 2022 03:55 PM GMT
Report

වීදියගොඩ මාරගස් හන්දිය ටැමරන්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක උළු කැපූ ඇළ අසල තිබී පෙරේදා (26) දින 5කට පෙර නිවසින් අතුරුදන් වී අබිරහස් ලෙස මියගොස් තිබූ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වූ බව මොරගහහේන පොලීසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ගෝනපොල හාලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ටෙලිකොම් ආයතනයේ සේවය කළ අවුරුදු තිස් හයක් වයසැති කාංචන කමල් කරුණාරත්න නැමැති දෙදරු පියෙකි.

ගවයන්ට තණ කැවීම සදහා කැලෑ ප්‍රදේශයට ගොස් සිටි එම ප්‍රදේශයේ පුද්ගලයකුට දුඟදක් දැනී අවට පරීක්ෂා කරන අවස්ථාවේදී මළසිරුර දැක දැනුම් දුන් බව පොලීසිය කියයි. අනතුරුව එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී බෙලිපට්ටා ගසක් යට මළසිරුර උඩුබැලි අතට තිබූ බවත් ගසේම ඉහළ අත්තක රෙදි පටියක් එල්ලෙමින් තිබූ බවත්, ගමන් බෑගයක් හමුවූ බවත් ඒ තුළ තිබී මිය ගිය පුද්ගලයාගේ හැඳුනුම්පත සමග මුදල් පසුම්බිය හමුවූ බවත් පොලිසිය සදහන් කරයි. 

 ඉකුත් ඉරුදින මෙම පුද්ගලයා කුඹුක ප්‍රදේශයේ ඔහුගේ මව සහ පියා පදිංචි නිවසට ගොස් පොළට යන බව පවසා දවල් 12.30 ට පමණ නිවසින් පිටවී ගිය බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. නිවසින් පිටවුවාට පසු පියා විසින් ඔහුට දුරකථන ඇමතුමක් ලබා දීම පුරුද්දක් ලෙස සිදුකර ගෙන තිබූ අතර එදින සවස 4 පමණ දක්වා දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තද ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත් හවස හතරෙන් පසු දුරකථනය නාද නොවූ බව පියා පැවසූ බව පොලීසිය කියයි.

සිය පුතු අතුරුදන්වීම සම්බන්ධයෙන් අද දින පොලීසියට පැමිණිල්ලක් කිරීමට සූදානම් වෙමින් සිටි බව පියා වැඩිදුරටත් පැවසූ බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජීව මහතාගේ උපදෙස් මත නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now