එකවර දුරකථන සංඥා කුළුණු, රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවලට බාධා.. බරපතල අවදානමක්.

Sri Lanka Technology Power cut TV channel Oil problem Redo radio channel
By Aruna Mar 08, 2022 06:07 AM GMT
Report

විදුලි අර්බුදය හේතුවෙන් දුරකථන සංඥා කුළුණු රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවල විකාශන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.

විදුලිය නැති අවස්ථාවල දී ඒවායේ කටයුතු සඳහා විදුලිය උත්පාදනය කර ගැනීම ඩීසල් මගින් සිදු කරයි.

නමුත් මේ වනවිට ඒ සඳහා ද ඩීසල් සපයා ගැනීම අර්බුදයක් බවට පත්වීමෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.

ඇතැම් නාළිකා මේ වන විට පැය 24 පුරා විකාශනය වන කටයුතු අත්හිටුවීමටද පෙළඹී ඇත.

මේ සම්බන්ධයෙන් දැනටමත් ගුවන්විදුලි නාලිකා කිහිපයක් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ද දන්වා යවා තිබේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පැය හතහමාරක විදුලිය විසන්ධි කිරීමට මුහුණදීමට නම් විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට මසකට ඩීසල් ලීටර ලක්‍ෂය ඉක්මවා අවශ්‍ය වනු ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය.

දුරකතන සංඥා කුළුණු සදහා විදුලි අර්බුදය බලපෑම මත අන්තර්ජාල පහසුම් එකම වේගයකින් ලබා දීම අභියෝගයක් වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now